කෝලා වලහා - koala
වල්ගය ඉතා කෙටිය.ශරීරය ලා අළු පැහැතිය. පෘෂ්ටියව සුදු පැහැයක් ගනී. ගාත්රා වල නකර පවතින අතර ඒවා දිගින් වැඩිය. ඒවා ගස් මත ගමන් කිරීමට උපකාරී වේ.ශරීරය දිගින් අඟල් 26-32 අතර වේ. ශරීර බර 4Kg-15Kg අතර වේ.
:: ව්‍යාප්තිය ::
නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ. (යුකැපලිප්ටස් ගස් ආශ්‍රිතව.)
:: ප්‍රධාන ආහාර ::
යුකැපලිප්ටස් ශාක පත්‍ර
:: ගැබ් කාලය ::
දින 35ක පමණ ගැබ් කාලයකින් පසුව වරකට එක් පැටවකු බිහි කරයි.
::විලොපිකතාව ::
-
:: තර්ජන ::
වර්ජිනියානු ඔපසම් - virgina opossum
family : Didelphidae
Didelphis virginiana
:: ශරීර ලක්ෂණ සහ හැසිරීම ::
ඇමරිකාවේ ජිවත් වන විශාලතම මාසුපීලියා (marsupilia) විශේෂය වේ.
ශරීර වර්ණය සුදු පැහැයට හුරු රෝස පැහැයක් ගනී. මොවුන්ගේ වලිගය පරිග්‍රාහී වේ. ශරීරය දිගින් අඟල් 10-12 ත් අතර වේ.මොවුන් ගෙවතු වල පලිබෝදකයන් ලෙසටද ජිවත් වේ. නිවාස ආශ්‍රිතව ඇති අහාර හා කසල කා දමන අතර බියවූ පසු නිසොල්මන්ව හිද පසුව පැන දුවයි.මොවුන් නිශාචාරය. වෘක්වාසි වේ.
:: ව්‍යාප්තිය ::
ඇමරිකාව / උතුරු ඇමරිකාවේ ගෘහාශිතව.
:: ප්‍රධාන ආහාර ::
කුඩා ක්ෂීරපායි සතුන් , කුරුළු බිත්තර , කෘමින් , අල සහ කොළ වර්ග ලබාගනී.
:: ගැබ් කාලය ::
දින 12-13 ත් අතර ගැබ් කාලයකින් පසු වරකට පැටවුන් 05-13 ත් අතර ගණනක් බිහි කරයි.
::විලොපිකතාව ::
ස්වභාවික සතුරන් ලෙස : විලෝපික පක්ෂීන්.
තාරා හොට ප්ලැටිපස් - Duck Billed Platypus
තාරා හොට ප්ලැටිපස් - Duck Billed Platypus Ornithorhynchus anatinus
:: ශරීර ලක්ෂණ ::
අර්ධ ජලචර ක්ෂීරපායී කාණ්ඩයක් වේ. මොවුන්ගේ මුඛය තාරා හොටක් ආකාරයට සැකසී ඇත. නාසය පෘෂ්ඨීයව පිහිටයි. නාස් විවර කපාටයකින් ඇරීමේ, වැසීමේ හැකියාව ඇත. පාදවල බැදි පටල ඇත. වල්ගය තරමක් පැතලි හා මහත ස්වරූපයක් ගනී. මෙය පිහිනීමට උපකාරී කර ගනී. පාදවල නඛර පිහිටයි. මුඛයේ ඉදිපසට විද්‍යුත් සන්නිවේදන ලබා ගැනීමේ හැකියව ඇත. මොවුන්ගේ පසුපස පාදවල නඛර විෂ සහිත වේ. ශරීරය දිගින් 40cm-60cm පමණ වේ. වල්ගය 8.5cm-15cm වේ. ශරීර වර්ණය කහ පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. නිශාචර සත්වයෙකි.:: ව්‍යාප්තිය ::
ඕස්ට්‍රේලියව හා තස්මේනියාව ආශ්‍රිතව ව්‍යාප්තව ඇත.:: ප්‍රධාන ආහාර ::
ගොඩබිම වාසය කරන විට කෘමීන් ආදියත් ජලයේදී ගොලුබෙල්ලන් ආදියත් ආහාරයට ගනී
:: ගැබ් කාලය ::
මාසයක පමණ ගැබ් කාලයකින් පසු වරකට එක් බිත්තරයක් දමයි. බිත්තර දැමීම සදහා ගංගා ඉවුරු වල ගුල් හාරා ගනී. කොළරොඩු, ගල් කැබලි කූඩුව සෑදීම සදහා යොදා ගනී. අලුත උපදින පැටවකු කුඩා, නිරුවත් හා අන්ධ වේ. නමුත් සති කිහිපයකින් පසු ඇගේ රෝම වර්ධනය වේ. ඇස් පෙනීමද ඇති වේ.
:: තර්ජන ::
වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්වයෙකි.
Subscribe to:
Posts (Atom)