තාරා හොට ප්ලැටිපස් - Duck Billed Platypus Ornithorhynchus anatinus
:: ශරීර ලක්ෂණ ::
අර්‍ධ ජලචර ක්ෂීරපායී කාණ්ඩයක් වේ. මොවුන්ගේ මුඛය තාරා හොටක් ආකාරයට සැකසී ඇත. නාසය පෘෂ්ඨීයව පිහිටයි. නාස් විවර කපාටයකින් ඇරීමේ, වැසීමේ හැකියාව ඇත. පාදවල බැදි පටල ඇත. වල්ගය තරමක් පැතලි හා මහත ස්වරූපයක් ගනී. මෙය පිහිනීමට උපකාරී කර ගනී. පාදවල නඛර පිහිටයි. මුඛයේ ඉදිපසට විද්‍යුත් සන්නිවේදන ලබා ගැනීමේ හැකියව ඇත. මොවුන්ගේ පසුපස පාදවල නඛර විෂ සහිත වේ. ශරීරය දිගින් 40cm-60cm පමණ වේ. වල්ගය 8.5cm-15cm වේ. ශරීර වර්ණය කහ පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. නිශාචර සත්වයෙකි.:: ව්‍යාප්තිය ::
ඕස්ට්‍රේලියව හා තස්මේනියාව ආශ්‍රිතව ව්‍යාප්තව ඇත.:: ප්‍රධාන ආහාර ::
ගොඩබිම වාසය කරන විට කෘමීන් ආදියත් ජලයේදී ගොලුබෙල්ලන් ආදියත් ආහාරයට ගනී
:: ගැබ් කාලය ::
මාසයක පමණ ගැබ් කාලයකින් පසු වරකට එක් බිත්තරයක් දමයි. බිත්තර දැමීම සදහා ගංගා ඉවුරු වල ගුල් හාරා ගනී. කොළරොඩු, ගල් කැබලි කූඩුව සෑදීම සදහා යොදා ගනී. අලුත උපදින පැටවකු කුඩා, නිරුවත් හා අන්ධ වේ. නමුත් සති කිහිපයකින් පසු ඇගේ රෝම වර්ධනය වේ. ඇස් පෙනීමද ඇති වේ.
:: තර්ජන ::
වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්වයෙකි.
Very good and it's very quick
ReplyDelete